Skrill ewallet – Sinhala

open-a-free-skrill-account-in-sinhala-by-prathilaba-sinhala-tutorial

Send Receive Money to Sri Lanka with Skrill ewallet – Sinhala Guide for Sri Lankans

Learn about creating Skrill ewallet in Sinhala to send and receive money to Sri Lanka. A must have ewallet for everyone.

අනිවාර්යයෙන් ඔබට තිබිය යුතු අන්තරජාල ගිණුමක් තමයි Skrill  කියන්නේ. මොකද අපිට paypal පාවිච්චි කරලා සල්ලි ලංකාවට ගෙන්න ගන්න බැරි නිසා Skrill තමා දැනට තියෙන විසදුම් වලින් ඉහලින්ම තියෙන සහ පහසුවෙන් ගිණුමක් පටන් ගන්න පුළුවන් ewallet එක . Skrill භාවිතා කරලා අපිට පුලුවන් මුදල් ලංකාවේ ඕනෙම  බැංකු ගිණුමකට මුදල් ගෙන්න ගන්න ඒවගේම ඩයලොග් Ez කෑෂ් මගින් සල්ලි ලබාගන්නත් පුළුවන්.    මේක නොමිලේ හදාගන්න පුළුවන්.  හරි අපි බලමු කොහොමද ඉක්මනින් ගිණුමක් හදාගන්නේ කියලා.   (

( Update : ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . විසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක.  )

1) Skrill වෙත යමු

ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්නනොමිලේ ලියාපදිංචි වීමට පිවිසෙන්න

2) ලියාපදිංචි වෙමු

ඊමේල් ලිපිනය සහ මුරපදයක් ඇතුලත් කරන්න.

Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-01

3) ඔබේ තොරතුරු

ඔබේ නම සහ වාසගම ඇතුලත් කරන්න. ඒවගේම උපන් දිනයද ඇතුලත් කරන්න.

Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-01

4) රට සහ මුදල් ඒකකය තෝරාගන්න

ඔබ පදිංචි වෙලා ඉන්න රට ඇතුලත් කරන්න . ඒවගේම මුදල් වර්ගය තෝරාගන්න ( USD හරි EUR වඩාත් හොදයි )

Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-03

5) පදිංචි ස්ථානය පිළිබද තොරතුරු

ඔබේ පදිංචි ලිපිනය ඇතුලත් කරන්න. මතක ඇතුව ඔබට බිල් පත් හරි ලැබෙන ඒවගේම ඔබේ රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ තියෙන විදියටම දාන්න.

Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-04

6) දුරකථන අංකය ඇතුලත් කරන්න

දැන් ඔබේ දුරකථන අංකය යොදන්න. ඊට පස්සේ “robot” කෙනෙක් නෙමෙයි කියන එකට සහ ඊට පහත තියෙන කොටුවටත් tick එකක් යොදන්න. “Open Account ” click කරන්න. දැන් වැඩේ හරි

Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-05

7) ගිණුම විවෘතයි !

දැන් මුලික අදියර හරි. ඔයාට පහත ආකාරයේ පිටුවක් පෙන්වනවා. මේකේ තියෙන “Continue to My Account” කියන ලින්ක් එක වෙත පිවිසෙන්න

opening a skrill account in sinhala and english for sri lankans - account created successfully stage by prathilaba sinhala tutorials

8) ගිණුමේ වැඩි ආරක්ෂාවට PIN අංකයක් ඇතුලත් කිරීම

ඔබ ගිණුමට පිවිසෙන විටම මේ ආකාරයේ popup කොටුවක් පෙන්වනවා. මෙහි කොටස් දෙකක් තියෙනවා ඔබේ ගිණුමේ ආරක්ෂාව වැඩි කරගන්න. ප්‍රථම ක්‍රමයට ඔයාට අනිවාර්යෙන් නවීන ජංගම දුරකතනයක් ඕන වෙනවා ( මේකෙන් ගිණුමේ ආරක්ෂාව තව වැඩි කරගන්න පුළුවන් මේ ක්‍රමය පසුව ඉගෙන ගමු. ). දෙවෙනි ක්‍රමය මගින් අංක අතුලත් කේතයක් සකසා ගැනීම තමයි සිදුවෙන්නේ.  මුදල් යවනකොට එහෙමත් නැත්තම් වෙබ් අඩවියකට ගෙවීමක් සිදු කරන විට මේ කේතය යොදවන්න තියෙන්නේ. දැන් ඔයා “Create a PIN” කියලා තියෙන ලින්ක් එක වෙත පිවිසෙන්න

opening a skrill account in sinhala and english for sri lankans - add pin and 2steps authentication popup stage

ඔයාට පහත ආකාරයේ කොටු දෙකක් ලැබෙනවා. එකේ ඔයාට මතක තියාගන්න පුළුවන් ඉල්ලක්කම් හයක් මුල් කොටුවේ සදහන් කරන්න ( මේ අංක ටික මතක තියාගන්න එහෙම නැත්තම් කොලයක ලියලා ආරක්‍ෂිත තැනක තියාගන්න ). එම ඉල්ලක්කම් හයම නැවත ඊලග කොටුවෙත් සදහන් කරන්න. ඉන්පසු “Save” වෙත පිවිසෙන්න. 

opening a skrill account in sinhala and english for sri lankans - add six digital pin code twice in popup stage

9) ඊ මේල් Verify කරගමු

ඔබට ඉහල අදියර අවසන් වූ පසු ඔබේ ගිණුමේ ඇතුලත පහත ආකාරයට පෙනවනවා. උඩම තියෙන රතු කොටුවෙන් කියන්නේ ඔවුන් මුදල් බැංකු වෙත ඩොලර් වෙනුවට යුරෝ ආකාරයට එවනබව. ඒක කිසිම ගැටළුවක් නෑ . ඒක නිසා එක සැලකිය යුතු දෙයක් නෙවේ.  ඒකට පහලින් කහපාට කොටුවක “To ensure we have the best level of security. please verify your email address now” කියලා තියෙනවා නේද. එකේ “now” කියන ලින්ක් එක click කරන්න.ඔබගේ ඊමේල් ගිනුමට skrill එකෙන් ඊමේල් එකක් ලැබේවි ලින්ක් එකක් සමග. අන්න ඒ ලින්ක් එක click කරන්න. ඊමේල් එක සාර්ථකව verify වුණහම කහ කොටුව අයීන් වෙනවා.  

opening a skrill account in sinhala and english for sri lankans - verify email address and about red bar in my account section of skrill

10) Debit / Credit කාර්ඩ් පත සම්භන්ධ කරගමු

දැන් ඔබගේ අන්තරජාල සේවා සදහා සක්‍රීයව තිබෙන බැංකු කාර්ඩ් පත එකතු කරගන්න තියෙන්නේ ( ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . වෙනත් රටක කාර්ඩ් පතක් හෝ ස්ක්‍රිල් ඩොලර් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්න වෙනවා ). ඔබේ ගිණුමේ “Cards and Bank Accounts” වෙත පිවිසෙන්න. ඉන්පසු “Add Credit or Debit Card” තෝරාගන්න.

add master visa credit or debit card to skrill - sinhala article for sri lankans by prathilaba

දැන් ඔබේ කාර්ඩ් පතේ විස්තර ඇතුලත් කරන්න.

Skrill-in-sinhala-for-sri-lankans

කාර්ඩ් එක අනිවාර්යයෙන්ම verify කරගන්න ඕන. ඉතින් දැන් කාර්ඩ් එක ඉස්සරහ ඇති “Verify” කියන ලින්ක් එක තෝරාගන්න.

Skrill-in-sinhala-for-sri-lankans

ඊළගට තියෙන පින්තුරේ විදියට ඔයාට තියෙන්නේ ” non-gambling” ලෙස තෝරාගෙන. “Debit amount and verify” ක්ලික් කිරීම.

Skrill-in-sinhala-for-sri-lankans 5

…………………දැන් ඔබට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ? ………………….

Debit/ Credit card Payment “Decline” වුනානේ ?

 ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ .

………………….………………….

ඉන්පසු මාසේ අන්තිම ලැබෙන ක්‍රෙඩිට් කාර්ඩ් පතේ ස්ටේට්මන්ට් එකෙන් මේ Transaction එකේ විස්තරය ලබාගන්න.  ඉතින් ඔයාට “amount ” එකේ විස්තරේ ලැබුනහම තියෙන්නේ. “Card and Bank Accounts” > “Finish verification” ( කාර්ඩ් එක ඉස්සරහ තියෙන්නේ ) එකට ගිහින් එම මුදලේ ප්‍රමාණය ඇතුලත් කරන්න. ඊට පස්සේ කාර්ඩ් එක verified !

11) බැංකු ගිණුම එකතු කරගන්න

ඔබ $500 හෝ ඊට වැඩි මුදලක් ලබාගන්න බලාපොරුත්තු වෙනවා නම් ඔබේ ගිණුමට. ඔබේ බැංකු ගිණුමට එය ලබාගැනීම තමයි වඩාත් සුදුසු. නුමුත් පොඩි පොඩි ගණන් වලට අනිවාර්යෙන් ezcash භාවිතා කරන්න.  ඔබේ ගිණුමේ “Cards and Bank Accounts” වෙත පිවිසෙන්න. ඉන්පසු “Add Bank Account” තෝරාගන්න. 

choose adding bank account  to skrill - sinhala article for sri lankans by prathilaba

ඉන්පසු  ඔබට ලැබෙනවා පහත ආකාරයේ කොටුවක්. මෙහි රට ලෙස “Sri Lanka” තෝරන්න (වෙනත් රටක ගිණුමක් නම් එම රට සදහන් කරන්න ) . ඊලගට අහන්නේ රුපියල් වලින්ද ගිණුම තියෙන්නේ කියලා. ඉතින් ඔබේ ගිණුම ලංකවේ සාමාන්‍ය ගිණුමක් නම්. “Yes” තෝරන්න. ඊලග කොටුවට හරි ලකුණක් යොදවලා “Add account and continue” වෙත පිවිසෙන්න.

opening a skrill account in sinhala and english for sri lankans -adding bank account details to skrill

ඉන්පසු  ලැබෙන කොටුවේ බැංකු ගිණුමේ තොරතුරු ටික දාන්න තියෙන්නේ.  ඔබේ බැංකු ගිණුමේ අංකය සදහන් කරන්න. ඊළගට ඔබේ බැංකුව ලිස්ට් එකේන් තෝරාගන්න. ඊට පස්සේ තිබෙන කොටුවෙන් ඔබේ බැංකුවේ ගිණුම තිබෙන branch එක තෝරාගන්න. ඉන්පසු හොදින් බලන්න සදහන් කරපු කරුණු හරිද කියලා. ඉන්පසු “Add account and continue” තෝරාගන්න. දැන් එකත් හරි !

opening a skrill account in sinhala and english for sri lankans -adding bank account details to skrill-2

12) EzCash ගිණුම එකතු කරගන්න

ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න.  ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ “Classic” කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්‍ය නම් dialog සේවා මධ්‍යස්ථානයකට යන්න වෙනවා. 

දැන්  “Mobile Wallets” ටැබ් එක වෙත පිවිසෙන්න.  “Add Mobile Wallet” ලින්ක් එක වෙත පිවිසෙන්න.

opening a skrill account in sinhala and english for sri lankans - add ezcash mobile ewallet in sinhala

දැන් සක්‍රීය කරගත් ezcash ගිණුම් අංකය සදහන් කරන්න. 

opening a skrill account in sinhala and english for sri lankans - add ezcash mobile ewallet in sinhala - 2

හොදට බලලා type කරන්න. නැවත පරික්ෂාකර බලන්න ඔබ යෙදවූ අංකය හරිද කියලා. “save” ලින්ක් එක ඉන්පසු තෝරාගන්න. 

13) මුදල් ගෙන්වා ගන්න විදිය

ඔබට skrill හරහා මුදල් යම් පුද්ගලයෙකුගෙන් ලබාගැනීමට අවශ්‍යයි නම් ඔබේ skrill ඊමේල් ලිපිනය පමණක් ලබාදෙන්න ( කිසි ලෙසකින්වත් වෙනත් කිසි තොරතුරුක් දීමෙන් වලකින්න). ඔබට පිළිගත් ආයතනයකින් මුදල් ලබාගැනීමට අවශ්‍ය වන්නේද ඊමේල් ලිපිනය සහ සමහර අවස්ථාවල pin අංකය පමණයි. 

14) ගෙවීම් සිදු කරන ආකාරය / වෙනත් කෙනෙකුට මුදල් යවන ආකාරය

ඔබට skrill හරහා පිළිගත් ආයතන සදහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ඊමේල් ලිපියන සහ PIN අංකය පමණයි. ( ඔබ 2 factor authentication දමා තිබේ නම් එම මුර පදයද බොහෝ විට  සදහන් කිරීමට සිදුවෙනවා ). “Skrill to Skrill” කියලා තියෙන ලින්ක් එක හරහා ඔබට අන්තර්ජාල ගෙවීම් වගේම තව Skrill ගිණුමකට මුදල් යැවීමත් කරන්න පුළුවන්.
Send Direct” මගින් ඔබේ කාර්ඩ් පත භාවිතා කරමින් ශේනිකව මුදල් බැංකු ගිණුමකට යැවීම කරන්න පුළුවන් 

withdraw money to ezcash from skrill in sinhala

15) දැන් කොහොමද සල්ලි ගන්නේ ?

Skrill to Ezcash

ඔබේ ගිණුමේ දකුණු පැත්තේ තියෙන  “Withdraw” button එක මගින් ඔබට මුදල් බැංකුවට ( 2-7 සතියේ දින යනවා හොදේ ) හෝ Ez cash නම්බර් එකට ගෙන්න ගන්න පුළුවන් ( සාමාන්‍ය Ez Cash ගිණුම හරහා ගෙන්න ගන්න පුළුවන් පැය 24කට Rs 10,000.  Ezcash මුදල් ශේනිකව හෝ වැඩිම වුනොත් පැය බාගෙන් ගිණුමට ලැබෙනවා ).  ( “Deposit” කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට කාර්ඩ් පත, bitcoin හෝ neteller ගිණුමෙන් ඔබේ skrill ගිණුමට මුදල් එකතු කරගන්න පුළුවන් )

withdraw money to ezcash from skrill in sinhala

Mobile Wallet” තෝරාගන්න ඉන්පසු පහල කොටුවේ සදහන් කරන්න $60 හෝ ඊට අඩු අගයක්  ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) “Classic Account” එකක් තියෙන නිසා.  “Power Account”  එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්.   ඉන්පසු “Continue” ලින්ක් එක වෙත පිවිසෙන්න  

skrill to ezcash withdrawal in sinhala by prathilaba
🙂

Skrillවල අලුත් update එකෙන් පස්සේ තියෙන හොද කම ඔබට හරියටම ගිණුමට රුපියල් වලින් කීයක් ලැබෙනවද කියලා පෙන්වීම.  ඉන්පසු ඔබේ උපන් දිනය සදහන් කරන්න. “Withdraw Money” ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා   ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා  !

ezcash withdrawal amount in skrill in sinhala

ඉන්පසු ezcash ලාංචනය තියෙන ඕනෙම කොමර්ෂල් බැංකු ATM එකකින් හෝ ezcash පහසුකම තිබෙන communication එකකින් මුදල් අතට ගන්න පුළුවන්.  skrill වෙතින් ezcash වෙත මුදල් ගන්න විදිය සහ atm එකෙන් අතටම මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා මේ ලිපියත් බලන්න.   Skrill to Ezcash Instantly and withdraw instantly via Commercial bank atm in Sri Lanka

Skrill to Bank Account

ඉස්සෙල්ලා වගේම “Withdraw” button එක වෙත යොමු වෙන්න. ඉන්පසු “Bank Transfer” තෝරාගන්න. ඔබ ලබාගැනීමට බලාපොරුත්තු වෙන මුදල් ප්‍රමාණයත් සදහන් කරන්න. ඉන්පසු “continue” තෝරාගන්න. ඔබට ඊට පස්සේ ලැබෙන screen එකෙන් කොච්චර මුදලක් ලැබෙනවද කියලා සදහන් වෙනවා. ඉස්සෙල්ලා වගේම ඔබේ උපන් දිනය සදහන් කරලා “withdraw money” තෝරාගන්න. සාමාන්‍යයෙන් දින දෙකෙන් වගේ දැන් මුදල් එනවා නුමුත් යම් ප්‍රමාද වීමක් ඇති වුනොත් අනිවාර්යෙන්ම වැඩ කරන දවස් 5-7උපරිමව යන්න පුළුවන්

අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please Remember :
Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )

16) 2 Factor Authentication ( Optional / වැඩි ආරක්ෂාවට දාගන්න පුළුවන් )

මේකත් දාගන්න ඔබගේ ගිණුමේ ආරක්‍ෂිත භාවයට. ඔබගේ ගිණුමේ මුදල් තිබේ නම් අනිවාර්යයෙන් මේක දාගන්න එක හොදයි. 

a) “Google Authenticator ” app එක ලබාගන්න. Google Play store ( Android)/ Apple app store (iOS).

Settings > 2 factor authentication වෙත යන්න. ඉන්පසු “Enable” කියලා තියෙන තැන click කරන්න.

2factor athentication sinhala

“Turn on 2 factor authentication” තෝරාගන්න.

2factor athentication sinhala

ඔයාට ඊළගට ලැබෙන screen එකේ තියෙන “QR Code ” ( හතරැස් කොටුව )  එක scan කරන්න අර දැන් ඔයා දාගත්තු app එක මගින්

2factor athentication sinhala

2FA Recovery Codes කියලා codes ටිකක් ඔයාට පෙන්නාවි ඊට පස්සේ . මේ ටික ආරක්‍ෂිත තැනක ලියලා තියාගන්න. මොකද ඉස්සරහට  “Google Authenticator” එකට ගිහින් skrill යටතේ පෙන්නන කෝඩ් එකක් තමයි යොදවන්න ඕන ලොග් වෙන්න ගිණුමට. ඉතින් යම් විදියකින් ඔයාගේ දුරකථනය අස්ථාන ගත වුවොත් ඔයාට අර “recovery” codes පාවිච්චි කරන්න පුළුවන්.

ඔන්න කරන විදිය කියලා දුන්නා. මතක ඇතුව මේ ගිණුම හදලා $10 – $100 වගේ එහෙම දාලා තියගන්න. ඉස්සරහට මේ ගිණුම සැහෙන්න වැදගත් වෙනවා අන්තරජාල හරහා වැඩ කරද්දී වගේම මුදල් ලංකාවට ගෙන්න ගනිද්දී !

17) Limits & Verification බලාගමු 

“Setting“මේනුව වෙත ගොස් එහි තිබෙන “Limits & Verification”  මගින් ඔබේ ගිණුමේ දැනට පවතින ගනු දෙනු කල හැකි සීමා පෙන්වනවා.  

opening a skrill account in sinhala and english for sri lankans - ewallet limits and verification of details

නොමිලේ ලියාපදිංචි වීමට පිවිසෙන්න

18  ගණු දෙනු සීමා වැඩි කරගන්න ගිණුම තහවුරු කරගැනීම ( Increase skrill limits)

දැන් ඔයා මුදල් ගනු දෙනු කරන්න පටන් ගත විට Skrill එක යම් අවස්ථාවකදී ඔබෙන් අනන්‍යතාවය සහ ඔබේ ලිපිනය තහවුරු කිරීමට ලිපි ලේඛන ඉල්ලීම සිදු වෙනවා. මෙසේ සම්පුර්ණ තහවුරුකිරීමකින් පසුව ඔබට දැනට පෙන්වන සීමාව ඉහල අගයක් දක්වා වැඩි කරගන්න පුළුවන්.   ඉතින් අපි බලමු කොහොමද එම තහවුරු කිරීම සිදු කරගන්නේ කියලා. ඔබට පහත පින්තුරයේ මෙන් කහ පාට කොටුවක් ගිණුම තුල පෙනවනවා ( ඒවගේම ඔබට ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දීමකුත් සිදුවෙනවා ).  එහි තිබෙන “verify your account” එක වෙත පිවිසෙන්න. 

how to verify additional verification steps in skrill including webcam-01 in sinhala by prathilaba sri lanka

19  අනන්‍යතාවය තහවුරු කිරීම ( Identity Verification)

ඉන්පසු ඔබට තව ඉතුරුව තිබෙන verification steps ටික පහත ආකාරයට පෙනවනවා. “Verify your ID” වෙත පිවිසෙන්න.

how to verify additional verification steps in skrill including webcam-02 in sinhala by prathilaba sri lanka

ඔබට webcam ( මේක හොද high resolution එකක් වෙන්න ඕන ) එකක් තිබෙනවානම් “verify now” තෝරන්න එහෙම නැත්තම් ඔබ Skrill mobile app එක භාගත කරගන්න වෙනවා Google play / App Store හරහා මේ අදියර සදහා ( මේ දෙකම නැති සහ ගැටළු තියෙන අය බයවෙන්න එපා. කරන්න ඕන දේ මම කියන්නන් ඊළගට මේකේ අන්තිමට ). 

how to verify additional verification steps in skrill including webcam-03 in sinhala by prathilaba sri lanka

ඊළගට ලැබෙන window එකෙන් ඔයා තෝරන්න “Choose issuing country” ලෙස Sri Lanka ( හෝ ඔබට ලිපි ලේඛන දෙන්න පුළුවන් රට ). “Select ID type” වෙතින් ඔබට ඉදිරිපත් කල හැකි එක ලිපි ලේඛන වර්ගයක් තෝරාගන්න. ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන ජාතික හැදුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ රියදුරු ගමන් බලපත්‍රය  ඉදිරිපත් කලහැක )

how to verify additional verification steps in skrill including webcam-04 in sinhala by prathilaba sri lanka

ඔබගේ webcam එකට access දීලා නොමැති නම් මේ ආකාරයේ window එකක් ඒවි. “Share selected device” තෝරන්න (වම් පැත්තේ උඩම  කොටස බලන්න ). 

how to verify additional verification steps in skrill including webcam-05 in sinhala by prathilaba sri lanka

දැන් ඔබට selfie එකක් ගහන්න තියෙන්නේ ඔයා ඉදිරිපත් කරන්න යන ID හෝ Driving License හෝ Passport එකත් එක්ක !   document එකේ දෙපැත්තේම පින්තූර ගන්න ඔබේ මුහුණු පැහැදිලිව පෙනන ආකාරයට.  ඉන්පසු  Finish & start verification වෙත පිවිසෙන්න 

how to verify additional verification steps in skrill including webcam-06 in sinhala by prathilaba sri lanka

ඉන්පසු ඔබට පහත ආකාරයේ window එකක් පෙන්වනවා. ඔබේ document ඔවුන් පිළිගත්තාද නැද්ද කියල ඊමේල් පණිවිඩයක් ලැබෙනවා දින කීපයකින්. ඉතින් දැන් පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා.

how to verify additional verification steps in skrill including webcam-07 in sinhala by prathilaba sri lanka

ඉතින් ඔවුන් ඊමේල් හරහා දැනුම් දුන්නොත් ඔබේ ලිපි ලේඛන පිළිගන්න බෑ කියලා. කලබල වෙන්න එපා. මේ ටික කරන්න. skrill support වෙත ගොස් එහි තිබෙන ඊමේල් ලිපිනයට මේ වගේ පණිවිඩයක් යවන්න.

Subject : Verification Issue with Webcam

” I’am unable to verify using both web cam and mobile app. Please kindly let me know a way to verify my account wiht this webcam selfie stage”

දින කීපයකට පසු ඔවුන් ඔබ වෙත දන්වලා එවනවා අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie දෙකක් එවන ලෙස ( Photo 1 :  Document එකේ ඉදිරිපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස, Photo 2 : Document එකේ පිටුපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස. අකුරු බොද වෙන්නේ නැතුව ගන්න. කියවන්න බැරිවුනොත් අයීත් යවන්න වෙනවා ).

මේ දෙකම ඊමේල් එක භාවිතා කරමින් යවන්න. ඉන්පසු දින කීයපකින් ඔවුන් ගිණුමේ Identity verification කරා කියලා ඊමේල් පණිවිඩයක් එවනවා.

ඊට පස්සේ verification කොටසේ තියෙන “Verify your ID” “verify account ownership” දෙකම හරි !

how to verify additional verification steps in skrill including webcam-08 in sinhala by prathilaba sri lanka

20 ලිපිනය තහවුරු කරගමු ( verify Skrill address)

“Verify Your Location”තෝරාගන්න ඉහල තිබෙන verify කොටසෙන්. ඉන්පසු පහත ආකාරයේ window එකෙන් “upload document” දෙවැනි ක්‍රමය භාවිතා කරමු ( ප්‍රථම ක්‍රමයත් උත්සහ කරලා බලන්න නුමුත් සාර්ථක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි ).   මාස තුනක් ඇතුලත ඔබේ නමට සහ ඔබ යෙදවූ ලිපිනය තහවුරු කළහැකි document වර්ගයක් තෝරාගෙන එහි  පැහැදිලි පින්තුරයක් upload කරන්න ( Phone bill, Tv bill, Electricity bill, Water bill, certified Bank statement etc.. ) 

how to verify additional verification steps in skrill including webcam-09 in sinhala by prathilaba sri lanka

දැන් ගිණුම සම්පුර්ණයෙන්ම තහවුරු කරන ලද ගිණුමක් ! ජයවේවා